කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

ඔහුගේ ක්‍රීඩා අනාගතය පිළිබඳව සිතා විලියම්සන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිය 35 හැවිරිදි වියේ පසුවන විලියම්සන් 2011 ඔක්තෝබර් මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මංගල විස්සයි විස්ස තරගය වෙනුවෙන් ක්‍රීඩා කළා.

නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග 93 කට සහභාගී වී ඇති ඔහු එහිදී ලකුණු 2575ක් රැස්කරගෙන සිටින්නේ, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නවසීලන්තය වෙනුවෙන් දෙවන වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

මේ අතර ඔහු නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරග 75 කදී මෙහෙයවා තිබෙනවා.

විලියම්සන්ගෙන් පසු සුදු පන්දු නායකත්වය මිචෙල් සැන්ට්නර්ට භාර දී තිබූ අතර, විස්සයි විස්ස කණ්ඩායමේ විලියම්සන්ගේ අංක තුන ස්ථානයට රාචින් රවීන්ද්‍ර, ටිම් සයිෆර්ට්, ටිම් රොබින්සන් සහ මාර්ක් චැප්මන් වැනි ක්‍රීඩකයින් අභියෝග කරමින් සිටියා.

මේ අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට මාස කිහිපයකට පෙර සිය සමුගැනීම නිවේදනය කළ විලිම්සන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය කෙරෙහි වැඩි අවදානයක් යොමුකරනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ අදහස වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21