පෙම්වතා සමඟ කැළණි ගඟට වැටුණු පෙම්වතිය ජීවිතක්ෂයට

කොහිලවත්ත ප්‍රදේශයේ දී කැළණි ගඟට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව සිය පෙම්වතා සහ තවත් තවත් තිදෙනෙකු සමඟ කොහෙලවත්ත ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ ත්‍රිරෝද රථයක් සේදීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වතුර බාල්දියක් ගැනීමට යාමේදී පෙම්වතා සහ පෙම්වතිය එක්වරම ගඟට ඇදවැටී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එහිදී පෙම්වතා බේරාගෙන ඇති අතර පෙම්වතිය දියේ ගිලී අතරුදන්ව තිබෙනවා.

දියේ ගිලී අතරුදන් වූ කාන්තාවගේ මෘත ශරීරය අද (01) පස්වරුවේ සොයාගැනීමට කිමිඳුම් කණ්ඩායම් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර ඇය සමඟ පැමිණි අනික් පිරිස ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?