අද උදැසන කාලයේ අම්බ්ලන්ගොඩ සහ කොස්ගොඩ යන ප්‍රදේශවලදී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අම්බලන්ගොඩ පොලිස් වසමේ උඩුවරාගොඩ, කහව දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් බෙලිඅත්ත දෙස සිට මරදාන දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් වයස අවුරුදු 40 ක් වූ අකුරල, කහව ප්‍රදේශයේ පදිංචි එම ත්‍රිරෝද රථයේ රියදුරු වන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රිරෝද රථයේ රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයන් මඟින් අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම අද උදෑසන කාලයේ කොස්ගොඩ පොලිස් වසමේ කොස්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවට කොස්ගොඩ පොලිසිය විසින් පවසනවා.
මරණකරු වයස අවුරුදු 70 ක් වූ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




