විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

ගෝලීය ආයෝජන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක් වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින් රජයේ ආර්ථික පුනර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුට ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදුකර තිබෙනවා.

ඒ, අනුව ජාත්‍යන්තර ආයෝජකයින් සහ උපායමාර්ගික හවුල්කරුවන් සමඟ ඉහළ මට්ටමේ සංවාදයකට පහසුකම් සැලසීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට කැඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම, ප්‍රමුඛ ආයෝජන අවස්ථා හඳුනාගනිමින් ඒවා වර්ධනය කර ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), වරාය නගර කොමිසම සහ අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ඔහු වෙත පැවරී ඇති වගකීම් වනවා.

රට තුළ තිරසාර විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමටත්, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මේ තුළින් අපේක්ෂා කෙරෙනවා.

හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට අමතරව ගරු සේවයක් ලෙස මෙම ධුරයේ කටයුතු කරනවා.

  1. I invested Rs කෝටි 25 ක් to roylanka inn hotel located in Kadugannawa. The person that I trusted to take care of the place W.A.M Karunathilaka. Now, he is trying to manipulate the legal system and trying to get the ownership for property, drafting fault documents. Here is the court case # L4359/22, in Gompola Court. Therefore, I would kindly asked that you looking in this matter as soon possible.