රුපියල් 500,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියප්පිල්ලේ මුබාරක් සහ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව්, මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව අද (31) දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
විදේශගතව සිටින පැමිණිලිකාරියගේ ස්වාමිපුරුෂයාට අයත් පර්චස් 120ක ඉඩමෙන් පර්චස් 20ක ප්‍රමාණය මුලින් ස්වාමිපුරුෂයාගේ නමින් බලපත්‍රය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ මාර්ගයෙන් රුපියල් 160,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන සකස් කර දී ඉතිරි ඉඩම් කොටස සඳහා ස්වාමිපුරුෂයා බලපත්‍ර සකස් කර ගැනීමට විදේශ ගතව සිට නැවත සභාපතිවරයාට කතා කිරීමෙන් පසුව කර දෙන බව පවසා ඒ සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඔහු විදේශගතව සිටින නිසා එම කටයුතු කර දීමට පැමිණිලිකාරිය යොමු කරන ලෙස කරන ලද දැනුම් දීම අනුව පැමිණිලිකාරිය දුරකතනයෙන් සභාපතිවරයාට කථාකල පසු ස්වාමිපුරුෂයාගේ නමින් ඉතිරි ඉඩම් කොටසේ බලපත්‍ර කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා මගින් සකස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීමට ;ලක්ෂ 05ක් ඉල්ලා, එය ලබාගැනීමේ දී පුල්මුඩේ – ත්‍රිකුණාමලය මාර්ගයේ ඉක්බාල් නගර 07 කනුව අසල වෙළඳසැලක් ඉදිරිපිට දී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සභාපතිවරයා සමඟ ඔහුගේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





