රක්ෂිත භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියම කළා.
එහිදී සැකකාරියට රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 03ක් නියම කෙරුණා.
එමෙන්ම සැකකාරියට විදෙස් ගමන් තහනම් කළ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
ඊට අමතරව සෑම සතියකම ඉරිදා දිනයේ පෙරවරු 09-10 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසට ද අධිකරණයෙන් සැකකාරියට නියෝග කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1




