වෛද්‍යවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි (වීඩියෝ)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් මෙම සාකච්ඡාවේ දී එකඟ වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

එමෙන්ම එම එකඟතාවයන්, අද (31) දින පැවැත්වෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගෙ විශේෂ සාකච්ඡාවේදී තහවුරු කිරීමටද එකඟ වූ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

එම එකඟතාවයන් සලකා බලමින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවේදී අදාල එකඟතාවයන් තහවුරු කර ලිඛිතව ලැබෙන තුරු, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව ප්‍රකාශයට පත් කර තිබූ වැඩවර්ජනය ආරම්භ කිරිම, අද දින (31) දහවල් 12.00 දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

එමෙන්ම එකඟතාවයන් ක්‍රියාත්මක නොවන්නේ නම්, ඕනෑම මොහොතක නැවත වැඩ වර්ජනය ආරම්භ කිරීමට ද තීරණය කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57