තණමල්විල තහනම් වගාවක් කළ තිදෙනෙක් නීතියේ දැලේ

තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වගාකර තිබූ ලක්ෂ 04 ක පමණ ගංජා ගස් ප්‍රමාණයක් සහ වියළි ගංජා කිලෝ 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු‍ 38, 52 සහ 61 වයස්වල පසුවන ඇඹිලිපිටිය සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

වගා කර තිබූ විවිධ ප්‍රමාණයේ උසින් යුත් ගංජා ගස් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල් ලෙස ලබා ගෙන ඉතිරිය එම ස්ථානයේ විනාශකර තිබෙනවා.

තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?