කළුතර හිටපු HQI අත්අඩංගුවට ගන්න පොලිසියට බාධාවක් නැහැ – අධිකරණය දන්වයි

කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඇයදුමට එරෙහිව මූලික විරෝධතා ගොනු කරන ලෙසත් , ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය බාධාවක් නොමැති බවත් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා අද (28) නියෝග කළා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ විසින්, නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය භාරයේ ඇති ගිනි අවියක් ඔහුගේ මිත්‍රයෙකුට ලබාදීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ටාශය විසින් සිදුකරන පරීක්ෂණ වලට අදාළව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප අයදුම වාරණයට ලක්කරන ලෙස කළුතර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව අදාළ ඇප අයදුමට එරෙහිව ලබන ඔක්තෝබර් 31 දින මූලික විරෝධතා ගොනුකරන ලෙස කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීවට මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කර සිටියා.

කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සන්තකයේ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් මීට සති දෙකකට පමණ පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම ගිනි අවිය කළුතර දකුණ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් තමාට ලබාදුන් බවට සැකකරුගේ ප්‍රකාශවලින් හෙළිව තිබෙනවා.

එමෙන්ම එම ගිනි අවිය 2002 වර්ෂයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු භාණ්ඩයක් ලෙස කළුතර දකුණ මූලස්ථාන පොලිසිය භාරයට පත්කල ගිනි අවියක් බවටයි පොලිසිය විසින් හදුනාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර අපරාධ කොට්ටාශයට භාරදී ඇති අතර, ඒ අනුව කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිල නිවස තුළ දී ඔහුගේ මිත්‍රයෙකුට ගිනි අවිය සමඟ ලබාගත් ඡායාරූප ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.
.
එමෙන්ම කළුතර දකුණ මුලස්ථාන පොලිසියේ අවි ගබඩාව භාර සැරයන්වරයා සහ අදාළ ගිනි අවිය ඉංගිරිය, හදපාන්ගොඩ පිහිටි හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ සිට කළුතරට රැගෙන වාහනයේ පැමිණි අයෙකුගේ ද ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
15
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32