මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව ජැමෙයිකාවට පහර දෙන්න සැරසෙයි

මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව කැරිබියන් මුහුද හරහා ඊසාන දෙසින් ගමන් කරමින් ජැමෙයිකාවට සමීප වෙමින් පවතිනවා.

‘මෙලිසා’ ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ජැමෙයිකානුවන් මේ වනවිටත් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය විසින් ‘මෙලිසා’ පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස නම්කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ සුළි කුණාටුවේ පූර්ව බලපෑම හේතුවෙන් දැනට හටගෙන ඇති වැසි හා සුළං තත්ත්වයත් සමඟ පුද්ගයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර කියුබාවට සහ ගිනිකොනදිග බහමාස් සඳහා ද ‘මෙලිසා’ සුළි කුණාටුවේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානි හා ජීවිත අහිමිවීමේ දැඩි අවධානමක් පවතින බව ඇමරිකා කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර පස්වන කාණ්ඩයේ කුණාටුල ලෙස මේ වනවිට නම්කර ඇති ‘මෙලිසා’ ගොඩබිමට ළඟාවන විට එහි බ්‍රපලත්වය අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01