රත්මලාන, ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
වෑන් රථයේ රෝදවලට මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් පසුවද එහි රියදුරු පළා යාමට තැත්කර ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෑන් රථය පිළියන්දල සුවාරපොළ ප්රාදේශයේ සිට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් සැක කටයුතු කිසිවක් වෑන් රථයේ තිබී හමුවී නොමැති බවටත් පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














ලයිෂන් නැතුව ඇති නැත්නම් ෂුවර් drink aka darala
Munta pissuda? Beela nethinam ganjagahala. Policiyata respect karanna beri hethuwa?