නයිනතිවූ (නාගදීපය) සහ ඩෙල්ෆ්(නෙඩුන්තිවු) යන දූපත් ද්විත්වයටම යාපන අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන සමුද්‍රිය ප්‍රවේශ ස්ථානයක් වශයෙන් කුරිකට්ටුවාන් ජැටිය භාවිත කරනු ලබනවා.
ගමම්ම ජැටිය මඟින් එකී දූපත් වලට ගමන් කරන මගී සහ භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවන් සඳහා පහසුකම් සැපයෙන අතර, සමාජයීය, ආගමික, ආර්ථික සහ පරිපාලන කටයුතු ආදී වශයෙන් පුළුල් පරාසයක මෙහෙවරක් සිදු කරනවා.
දැනට පවතින ජැටිය දිගු කලක් තිස්සේ සාගරික තත්ත්වයන්ට නිරාවරණය වීම සහ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් විශාල වශයෙන් ව්‍යුහාත්මක හානිවලට බඳුන් වී ඇති බව පැවසෙනවා.
ප්‍රවාහනය, ආගමික සංචරණය සහ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි ජැටියෙහි ඇති වැදගත්කම හඳුනා ගනිමින් මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ කුරිකට්ටුවාන් ජැටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.














