අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කෙරුණා.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන්.
පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය, 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා පිහිටුවා තිබෙනවා.
නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදුකිරීම මෙම කොට්ඨාශය මගින් සිදුකරන අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කොට්ඨාශය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කර ඇති බව සඳහන්.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මෙම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.















