මෙම වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ඒකකය පවසනවා.
ඉන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව 2016 වසරේ දී මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු අතර, විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය තවදුරටත් පැතිරෙන බවයි අනාවරණය වී ඇත්තේ.
මෙරටින් හඳුනාගත් මැලේරියා රෝගීන් බහුතරයක් ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය වැනි එම රෝගය බහුල රටවලින් පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




