වරායේ සිරවූ ලුණු යළි ප්‍රතිඅපනයනය කරන ලෙස දැනුම්දීමක්

ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු කිහිපයක් හේතුවෙන් වරායේ රඳවාගෙන ඇති ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගය ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව එම ආනයනකරුවන්ට දැනුම් දී තිබෙනවා.

ලුණු ආනයනය කිරීමට අවසර දුන් කාලසීමාවෙන් පසු මෙරටට ආනයන කළ සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු ඇති වූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් නොකර කොළඹ වරායේ රඳවාගෙන සිටිනවා.

රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර, ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබාදීමටයි කටයුතු කළේ.

ලුණු ආනයනය සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 දිනෙන් අවසන් වූ අතර, එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවු ලුණු තොගයක් මෙලෙස රේගු භාරයේ තිබෙනවා.

ආනයනකරුවන් විසින් අදාළ ගැටළු සහගත ලුණු තොගය යළි ප්‍රතිඅපනයනය නොකරන්නේ නම් අදාළ ලුණු තොගය රාජසන්තක කර විනාශ කිරීමට කටයුතු කරන බවයි රේගුව දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01