ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු කිහිපයක් හේතුවෙන් වරායේ රඳවාගෙන ඇති ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගය ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව එම ආනයනකරුවන්ට දැනුම් දී තිබෙනවා.
ලුණු ආනයනය කිරීමට අවසර දුන් කාලසීමාවෙන් පසු මෙරටට ආනයන කළ සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු ඇති වූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් නොකර කොළඹ වරායේ රඳවාගෙන සිටිනවා.
රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර, ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබාදීමටයි කටයුතු කළේ.
ලුණු ආනයනය සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 දිනෙන් අවසන් වූ අතර, එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවු ලුණු තොගයක් මෙලෙස රේගු භාරයේ තිබෙනවා.
ආනයනකරුවන් විසින් අදාළ ගැටළු සහගත ලුණු තොගය යළි ප්‍රතිඅපනයනය නොකරන්නේ නම් අදාළ ලුණු තොගය රාජසන්තක කර විනාශ කිරීමට කටයුතු කරන බවයි රේගුව දැනුම් දී ඇත්තේ.





