ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත් වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින්.

තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේ දී ප්‍රබල චීනය පරාජය කිරීමට හැකියාව ලැබුණා.

කොළඹ තුරග තරඟ පිටියේදී අද (19) පෙරවරුවේ පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ, ලකුණු 34ට 07ක් ලෙසයි.

ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන කුසලාන අවසන් පූර්ව තරගය ජපානයට එරෙහිව අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?