ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් – අගමැති හරිනි

ශ්‍රී ලංකාව තුළ යහපත් සමාජයක් සහ සියලු දෙනා නියෝජනය වන, ඉදිරි දැක්මක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමට සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 NDTV ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

වේගයෙන් වෙනස් වන ලෝකයක අභියෝග සහ විසදුම් සඳහා ඇති අවස්ථා සාකච්ඡා කිරීමට ගෝලීය නායකයින්, චින්තකයින් සහ නවෝත්පාදකයින්, එකම වේදිකාවක දී නවමු සංවාදයකට පෙළ ගැසීම “අනපේක්ෂිතයෙහි සීමාව: අවදානම. විසඳීම. ප්‍රතිසංස්කරණය” යන තේමාව මෙම සමුළුවේ අරමුණ වනවා.

ගෝලීය වශයෙන් ඇතිවන අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවයන්ගෙන් මිදීම සඳහා වගකීමෙන් යුතුව නායකත්වය මෙහෙයවීම සඳහා සහයෝගීතාවයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළා.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අර්බුදවලින් යථා තත්ත්වයට පත්වීමට ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ගමනක් එන්න සිද්ධ වුණා. එහිදී විනිවිදභාවයෙන් යුතු, වගවීමක් සහ පුළුල් පාලනයක් සඳහා සාමාන්‍ය පුරවැසියන්ගේ ඉල්ලීම් අනුව වත්මන් ආණ්ඩුව පාලනය භාර ගැනීම ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ නව රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ශ්‍රී ලංකාවේ දැනට සිදු වී ඇති මූල්‍ය ඒකාබද්ධ කිරීම ඉතිහාසයේ සිදු වී ඇති විශාලතම පරිවර්තනයක් ලෙස IMF සහ ලෝක බැංකුව විසින් පිළිගෙන තිබෙන බව මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ 10%ක් දක්වා පෙර නොවූ විරූ වැඩිවීමක් මෙන්ම ආබාධ සහිත පුද්ගලයින් සහ මලයගම් ප්‍රජාවේ සාමාජිකයින් ඇතුළු සමස්ත ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ පුළුල් නියෝජනයක් සිදු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව අභියෝගයන්ට මුහුණ දුන් සැම අවස්ථාවකම අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව ලබා දුන් සහයෝගය අපි ඉතා අගයකොට සළකනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් සහයෝගය මෙන්ම බලශක්තිය, සම්බන්ධතාවය, අධ්‍යාපනය, ආරක්ෂක, වෙළඳාම සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා දිගින් දිගටම ඉන්දියාවෙන් ලැබෙන සහයෝගීතාව අගය කළ යුතුයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන්දියාවේ දැක්මට අනුකූලව ඉන්දියාවේ නිෂ්පාදන සහ සේවා දාමයන් සමඟ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා ඒකාබද්ධ කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රි ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණය තුරන් කිරීම සඳහා GovPay, ඉලෙක්ට්‍රොනික-අනන්‍යතා පද්ධති සහ විවෘත දත්ත ද්වාර ව්‍යාපෘති අපේ රජය ආරම්භ කළා. නමුත් නීති මත පදනම්ව පමණක් ජාතීයක් නැවත ගොඩනැගීමට නොහැකියි ඒ සඳහා සදාචාරාත්මක වටිනාකම් සහ සිවිල් ආචාර ධර්ම සංවර්ධනයත් අවශ්‍ය බව අපේ රජය අවබෝධ කරගෙන තිබෙනවා.

ඒ වගේම දකුණු ආසියාව පුරා සිටින තරුණ තරුණියන් ගෙන් මම ඉල්ලනවා නවෝත්පාදනය සහ තාක්‍ෂණික මෙවලමක් වශයෙන් පමණක් නොව සාධාරණත්වය, සියලු දෙනා නියෝජනය වන සහ මානුෂීයත්වය ඇතුළත් වන සදාචාරාත්මක හැඩගැස්වීමේ පද්ධතික් විදිහට සළකා වැඩ කරන්න කියලා.
ශ්‍රී ලංකාව තුළ යහපත් සමාජයක් සහ සියලු දෙනා නියෝජනය වන, ඉදිරි දැක්මක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමට සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46