වර්තමානය වනවිට බොහෝ වෘත්තීන්ට අත්පත් වී තිබෙන ඉරණම එතරම් සුබදායී ඉරණමක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, අනුව රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින වෘත්තීමට භාවය සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රධානය හා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ අවස්ථාවට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ දී අද (17) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අතලොස්සකගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වනවිට සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක්ව ඇති බවයි.
සෑම වෘත්තියකම ඒ හා බැඳුණු නිපුනතාවය, විනය සහ වගකීම සහිත රාජ්‍ය සේවක් අවශ්‍ය වී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.





