රටම එකට ජාතික මෙහෙයුම් සභාව, ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පළමු වරට රැස් වුණා.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් පසුගිය 13 වන දින රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත වී තිබූ අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබුණා.

ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබුවා.

මෙම මෙහෙයුම් සභාව ස්ථාපිත කිරිමේ මූලික පරමාර්ථය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අද වන විට මත්ද්‍රව්‍ය උවදුර නිසා තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් සම්බන්ධයෙන් අවධානය යොමු කළා.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මහජනතාවගේද සහාය ලබා ගැනීමේ වැදගත්කමත්, රටම ඒකරාශි කර ගත් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමේ වැදගත්කමත් මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් වුණා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්.ආර්. බී. සෙනෙවිරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුධ හමුදාපති ලුතිනන් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් වාසුබන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් බී.ඒ.කේ.එස්.පී.බානගොඩ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාෂාන් ගුණසේකර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ගාමිණී වරුෂමාන, රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා යන අය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍ය ප්‍රධානීන්, කලාකරුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ සිවිල් හා බහුජන සංවිධාන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56