දීපවාලී උත්සවය නිමිත්තෙන් ලබන අගහරුවාදා (21) දින ඌව පළාතේ සියලුම පළාත් සභා දමිල පාසල් වලට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කල බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න පවසනවා.
මෙවර දීපවාලි උත්සවය ඔත්තෝබර් 20 දිනට යෙදී තිබීමත් සමග පසු දින දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් පැමිණිම අසීරුවන නිසා ඔත්තෝබර් 21 දින නිවාඩු දිනයක් බවට පත්කර තිබෙන අතර ඒ් වෙනුවෙන් හිලව් සැසිය ලෙස ඔත්තෝබර් 25 සෙනසුරාදා දින පාසල් පැවැත්වීමට අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
ඌව පළාතේ නාගරික හා වතුකරයේ තිබෙන සියළු පළාත් සභා දමිල පාසල් වල ළමුන්ට හා ගුරුවරුන්ට දීපාවලී උත්සවය සැමරීම වෙනුවෙන් ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකරගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ නිවාඩු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.





