රාජකාරියේ නියතු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ නිවේදනයක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දත්ත පද්ධතිය පසුගිය 10 දින සිට අක්‍රීය වී ඇති බැවින් එම පද්ධතිය නැවත සකස් කරන තුරු බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවක් මතුව ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ හේතුවෙන්, අදාළ දත්ත පද්ධතිය යථාවත් කර, බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත්වල සාමාන්‍ය පරිදි ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන තෙක්, පොලිස් නිලධාරීන් විසින් ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථාවෝචිතව රියදුරන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රාජකාරී කරනු ලබන සියලු පොලිස් නිලධාරීන් දැනුවත්ව ක්‍රියා කළ යුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43