ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් බවයි එම නිවෙද්සනයේ සඳහන් වුණේ.
මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටිනවා.
එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින බවයි පැවසෙන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබෙනවා.
තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන බව ඔවුන් පවසනවා.
සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකි බව නිවේදනයේ සඳහන් වන්නේ.















