ගල්කිස්ස උසාවියේ සිද්ධියට සම්බන්ධ කොස්තාපල්ට ස්ථාන මාරුවක්

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකු සමඟ ඇති වූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා.

මේ අතර අධිකරණ පරිශ්‍රයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මඟ හරිමින් සිටින, නීතිඥ ගුණරත්ත වන්නිනායක සොයා පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යොදවා ඇති බව වාර්තා වනවා.