ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.
ඒ, අනුව දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීම් සිදුකර ඇති අතර, අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට මෙහිදී කටයුතු කර ඇති ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මෙහිදී දැනුම් දී තිබෙනවා.
මේ අතර මෙරටට පැමිණෙණ එක්සත් ජනපද සංචාරකයන් සඳහා උපදෙස් දෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ දේශීය බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කිරීම, කඩිනම් පුවත් සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කිරීම, හදිසි අවස්ථාවකදී ඇමරිකානු තානාපති කාර්යාලයෙන් යාවත්කාලීන ලබාගැනීමට සහ සම්බන්ධ කරගැනීමට හැකි වන පරිදි Smart Traveler Enrollment Program (STEP) වෙත ලියාපදිංචි වන ලෙසයි.















