හෙරොයින් එක්ක හිමිනමක් අල්ලයි – කොල්ලකෑම්වලටත් සම්බන්ධ වෙලා

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි හිමිනමක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල – කරදගොල්ල ප්‍රදේශයේ විහාරස්ථානයෙක දී ඊයේ (11) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

වයස අවුරුදු 27ක් වන සැකකාර හිමිනම සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

හිමිනම සමඟ වෙලගෙදර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4800ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර සැකකාර හිමිනම භාවිත කළ බව කියන සුඛෝපභෝගී කාර් රථයක්ද පොලිස්භාරයට ගෙන තිබෙනවා.

පසුගිය කාලය තුළ මැල්සිපුර සහ අවට සිදුවී ඇති කොල්ලකෑම් සහ මුදල් වංචාවන් කීපයකට සැකකාර හිමිනම සහ අනෙක් සැකකරුවන් දෙදෙනා සම්බන්ධ බවට ද මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !