සොරකම් රැසකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙක් ගල්කිස්ස ට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව දේපළ සොරකමට සැකපිට මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (10) රන් මාලයක් සහ පසුම්බියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල දී ඔහු සන්තකයේ තිබූ රන් මාලය හා පසුම්බිය මොරටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම මොහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන පොලිස් වසම්වල සිදු කරන ලද සොරකම් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු විසින් සොරාගන්නා ලද කරාඹු ජෝඩුවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන්මාලයක්, ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 30ක් බර රන් කැබලි 04 ක්,අත් ඔරලෝසු 03ක් සහ රුපියල් 7000ක මුදලක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.





