ප්‍රදේශ රැසක සිදු වූ හොරකම්වලට අවශ්‍යව කර සිටි අයෙක් අල්ලයි

සොරකම් රැසකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙක් ගල්කිස්ස ට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව දේපළ සොරකමට සැකපිට මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (10) රන් මාලයක් සහ පසුම්බියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල දී ඔහු සන්තකයේ තිබූ රන් මාලය හා පසුම්බිය මොරටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන පොලිස් වසම්වල සිදු කරන ලද සොරකම් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් සොරාගන්නා ලද කරාඹු ජෝඩුවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන්මාලයක්, ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 30ක් බර රන් කැබලි 04 ක්,අත් ඔරලෝසු 03ක් සහ රුපියල් 7000ක මුදලක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?