පාස්කු බෝම්භ ප්‍රහාරයේ මහ මොළකරු ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සඳහන්කර තිබෙන්නේ, ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවයි.

තවද, ඉහත සංසරණය වන ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවත් වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ඒ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03