මහ මුහුද මැද අකුණු සැර වැදී ධීවරයෙක් මරුට

බේරුවල පොලිස් වසමේ මග්ගොන, දියලගොඩ ප්‍රදේශයෙන් ධීවර යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා දියඹට ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (07) අලුයම් කාලයේ අකුණු සැර වැදී තිබෙනවා.

එලෙස සැර වැදී සිටි පුද්ගලයින් දෙදෙනා වෙනත් බෝට්ටුවක සිටි පිරිසක් විසින් ගොඩබිමට රැගෙනවිත් බේරුවල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකළ ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩැල්ලවත්ත, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි යස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16