එවරස්ට් කන්දේ ටිබෙට් බෑවුම්වල ඇති වූ දරුණු හිමපතනයත් සමඟ සිරවී සිටින කඳු නගින්නන් 200 කට වැඩි පිරිසක් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය පවසනවා.
බලධාරීන්ට ඔවුන් සියලු දෙනා සම්බන්ධ කර ගැනීමට හැකි වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ, අනුව චීන රජය මේ වන විට ඔඑඋන මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර පවතින අහයපත් කාලගුණයත් සමඟ අසල පිහිටි කුඩාන් ගම්මානය වෙත 350ක පමණ පිරිසක් ගමන් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
චීන ජාතික දිනයට සමගාමීව හිමි වූ දින 08ක ජාතික නිවාඩුව හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතෙන් කන්ද තරනය කිරීමට චීන ජාතිකයින් බොහෝ පිරිසක් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
එලෙස කන්ද තරනය කිරීමට කටයුතු කළ පුද්ගලයින් අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙලෙස විපතට පත්ව ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.





