පංචිකාවත්ත වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි

මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේ දී පසුගිය සැප්තැම්බර් මස 06 වනදා අලුයම් කාලයේ පුද්ගලයෙක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද ඊයේ (04) ලැබුණු තොරතුරකට අනුව මරදාන, අබේසිංහාරාම මාර්ගයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ඇත්තේ තමා මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, එහිදී අපරාධයට සම්බන්ධ යතුරුපැදියේ පැදිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණා.

මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ දී සැප්තැම්බර් මස 06 වනදා අලුයම් කාලයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?