ට්‍රම්ප්ගේ අවසන් අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සංවිධානය සාමයට එකඟවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම යෝජනාවට ප්‍රතිචාර වශයෙන්, සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා.

එමෙන්ම මැදිහත්කරුවන් හරහා සාම සාකච්ඡා කිරීමට ද එම සංවිධානය එකඟතත්වයකය එළඹ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ අතර සමාජ මාධ්‍ය සටහනක, ට්‍රම්ප් පවසන්නේ හමාස් “කල්පවත්නා සාමයකට සූදානම්” බවත් ඊශ්‍රායලය “ගාසාවට බෝම්බ හෙලීම නැවැත්විය යුතු” බවත් තමා විශ්වාස කරන බවයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් ඊයේ හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය මෙලෙස එකඟ වී තිබෙනවා.

එහිදී ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියේ, එළඹෙන ඉරිදා එනම් හෙට දින, ග්‍රිනිජ් වේලාවෙන් 22 පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6.00වනවිට තම සාම සැලැස්මට එකඟවිය යුතු බවයි.

මේ අතර මෙම නිවේදනයත් සමඟ නිවේදනයක් නිකුත්කරමින් ඊශ්‍රායලය සඳහන් කළේ සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමඟ කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18