චීන ඔත්තු බැලීමේ චෝදනා අතහැර දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ප්‍රශ්න කරයි

චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහි චෝදනා ඉවත් කළේ මන්දැයි හෙළි කරන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු මහජන නඩු පවරන අධ්‍යක්ෂවරයාගෙන් (DPP) ඉල්ලා තිබෙනවා.

නිල රහස් පනත යටතේ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 30 හැවිරිදි ක්‍රිස්ටෝපර් කෑෂ් සහ 33 හැවිරිදි ක්‍රිස්ටෝපර් බෙරී ලබන සතියේ නඩු විභාගයට යාමට නියමිතව සිටියා.

නමුත් මේ මස මුලදී රාජකීය නඩු පවරන සේවය (CPS) නඩුව අතහැර දමන බව නිවේදනය කළේ, “චෝදනා ගොනු කර ඇති වරද සඳහා සාක්ෂි සපුරා නොමැති” බව පමණක් පවසමිනි.

දැන් ස්වදේශ කටයුතු සහ යුක්තිය පිළිබඳ තේරීම් කමිටුවල සභාපතිවරු තීරණය පිටුපස ඇති හේතුව පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් ඉල්ලා මහජන නඩු පවරන අධ්‍යක්ෂ ස්ටීවන් පාකින්සන් වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර ඇතැයි ද ගාර්ඩියන් වාර්තා කළා.

මන්ත්‍රීවරු ඔක්තෝබර් 8 වන දිනට පෙර ප්‍රතිචාරයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?