කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මීට වසර 03කට පමණ පෙර හඳුන්වා දුන් පිළිකා මර්ධන ඖෂධය මේවන විට පුද්ගලික සමාගමක් ඔස්සේ නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුවන බවත් එම ඖෂධය සඳහා රෝගීන්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවන බවට සමීක්ෂණ වාර්තාවන්ගෙන් ඔප්පු වී ඇති බවත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් අද (03) පවසා සිටියා.
එමෙන්ම එම පිළිකා මර්ධන පෝෂක ඖෂධය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් පරික්ෂණයන් සිදුකරමින් පවතින බවත් මෙතෙක් සිදු කරනු ලැබූ පරික්ෂණයන් හතරක් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඔහු සඳහහන්කර සිටියා.
එලෙස සාර්ථක වූ පරීක්ෂණ හතර අතරින් පරීක්ෂණ දෙකක පත්‍රිකා වාර්තා මේවන විට විද්‍යාත්මක සඟරා සඳහා පළ කිරීමට යව ඇති බවත් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එම පරීක්ෂණ පත්‍රිකා නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද ඔහු පවසනවා.
බංගලාදේශය, වියට්නාමය වැනි කලාපීය රටවල් සඳහා මෙම ඖෂධය අපනයන කිරීම පිළිබදව මේ වන විට අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් පවතින අතර 2027 ජනවාරි මාසයේ සිට ඩොලර් මිලියන 02 මාසික අපනයන ආදායමක් මෙම ඖෂධය මඟින් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවට මහාචාර්ය සමීර සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළා.














