ශ්‍රී ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 37යි – දේශීය ණය රුපියල් ට්‍රිලියන 19.6යි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබාගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සලකා බැලුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 30 වනදා
පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් මෙදින කාරක සභාව හමුවට කැඳවා සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු සිදුවන කිලෝ මීටර් 36.475 වන කඩවත-මීරිගම කොටසේ වැඩ අවසන් කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් හා අවශ්‍ය ඉතිරි මුදල
මුදල දේශීයව ලබාගැනීමට අපේක්ෂා කරන බවයි පැවසුවේ.

ඒ, අනුව චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා අයකරනු ලබන පොළී අනුපාතය පිළිබඳව කාරක සභාවේදී දිර්ඝලෙස සාකච්ඡා වුණා.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර පොළී අනුපාතය 2.5%ක් වූ නමුත් එම පොළී අනුපාතය 3.5% ක්වූ පරාසය සඳහා එකඟවුයේ ඇයි දැයි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අදහස් දැක්වූ නිලධාරීන් පවත්නා මිල ගණන් යටතේ 2.5%ක් පොළී අනුපාතයට ණය ලබාදීමට එම බැංකුව එකඟ නොවූ බවත්, ඒ අනුව විචල්‍ය පොලිළී අනුපාතය මත 3.5%ක් වූ උපරිම පොළී අනුපාතයකට එකඟ වී ඇති බවත්, එම පොළී අනුපාතය
තවදුරටත් වෙනස් කරගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීන් පැවසුවා.

කෙසේ වෙතත් ඒ අනුව මෙම පොළී අනුපාතය නැවත සලකා බැලිය යුතු බවත්, මෙමගින් ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇති ණය මුදලින් කොටසක් පියවීමට පාර්ලිමේන්තු අනුමතිය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ 2025 වර්ෂය සඳහා පරිපූරක ඇස්තමේන්තු ද කාරක සභාවේදී සලකා බැලුණා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග ඉදිකිරීම් සඳහා දේශීය බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2025.07.31 වන දින වන විට රුපියල් බිලියන 310කට අධික මුදල් ප්‍රමාණයක් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් කරක සභවට පැවසුවා.

ඒ, අනුව එම ණය මුදල් ගෙවීමට අවශ්‍ය, අයවැය තුළ වෙන් කර ඇති රුපිලියල් බිලියන 36ක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමතිය, මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් අපේක්ෂා කරන බව එම නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

ඒ අනුව එම පරිපූරක ඇස්තමේන්තු කාරක සභාවේදී සළකා බැලීමෙන් පසු අනුමත කරනු ලැබුවා.

මේ අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව ලබාගෙන ඇති ණය ප්‍රමාණයන් පිළිබඳව කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියා.

ඒ අනුව විදේශ ණය ඩොලර් බිලියන 37ක් ද රුපියල් වලින් ලබාගන් ණය ට්‍රිලියන 19.6ක් ද ගෙවීමට පවතින බවද එම නිලධාරීහු පෙන්වා දුන්නා.

මෙහිදී මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය පිළිබඳව කාරක සභාභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි නමුත් අදාළ සංඛ්‍යා දත්ත ඔවුන් සතුව ඒ මොහොතේ නොතිබීම පිළිබඳව සභාපතිවරයා කාරක සභාවේ නොසතුට පළ කළා.

ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවීම හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා සිහිපත් කළා.

මේ රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, සුනිල් රාජපක්‍ෂ, නිශාන්ත ජයවීර යන අය සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51