පසුගිය සැප්තැම්බර් 29 වනදා සිට ඊයේ (02) දිනය දකවා ගතවූ සතියක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 3,271ක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
එහිදී සැකකරුවන් 3,264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.
ඒ, අනුව අයිස් මද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1,149 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1,045 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් 2025.04.13 දින සිට ක්‍රියාත්මක වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





