සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින මධ්‍යම රාත්‍රී 12.00න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවයි.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකථන අංක ඇමතීමෙන් දැනගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?