මොණරාගල නගරය ආසන්නයේ ප්‍රධාන පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු සිදුකළ පහරදීමකින් එම පාසලේ ගුරුවරයෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ එම ගුරුවරයා ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට උරණ වූ මෙම සිසුවා ගුරුවරයාට පහර දී ඇති බවටයි තොරතුරුවාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
11
+1
1
+1
4
+1
+1
+1















