2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විකිණීමට එහි හිමිකරුවන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිල දී ගැනීම සඳහන් එහි වත්මන් හිමිකාරීත්වය දරණ ඩයජියෝ පීඑල්සී සමඟ ඉන්දියාවේ සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා සාකච්ඡාකරමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊට අමතව මෙම ගනුදෙනුව වෙනුවෙන් තවත් පාර්ශ්ව කිහිපයක්ම කැමැත්ත පළකර ඇති අතර, අදාර් පූනවල්ලා එහි ඉදිරියෙන්ම සිටින බවයි වාර්තා වනනේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ෆ්‍රැන්චයිස් හි සන්නාම වටිනාකම සහ ගෝලීය ආකර්ෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ඩොලර් බිලියන දෙකක වටිනාකමකට කණ්ඩායම විකිණීමට තීරණය කර ඇති බව ඇතැම් මධ්‍ය වාර්තා සඳහන් කරනවා.
2008 දී අයි.පී.එල් සමාරම්භක වෙන්දේසියේදී විජේ මල්ලියා ඩොලර් මිලියන 111.6 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත් අතර, පසුව, 2014 දී USL මිලදී ගැනීම හරහා ඩයජියෝ පීඑල්සී එහි අයිතිය හිමිකර ගත්තා.














2 Billion DOLLARS worth ?🇳🇪
Because high inflation rate may have carried forward the value so high. Ticket sales & ads will settle the amount with a considerable profit.
🇱🇰 Lanka Premiere League (LPL) also has got teams & players having big values. Other countries won’t pay that much compared to IPL & LPL. Eg : Pakistan