ඩීසල් මිල අඩු වුනත් ගාස්තු සංශෝධනයක් නැහැ – පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් හයකින් අඩු වුවත් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

අමතර කොටස්, ලීසිතෙල්, බැටරි, ටයර්, රක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර, යෝග්‍යතා දුම් සහතික ලබාගැනීමට ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබීම හේතුවෙන් ඩීසල් මිල අඩු වුවද ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බවයි එම සංගමය සඳහන් කළේ.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එළෙඹෙන මාසයේ දී සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිලේ අඩුවීමක් සිදුවුවහොත් සිය සේවා ගාස්තු අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කළ අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 06කින් අඩුකරනු ලැබුවා.

එමෙන්ම ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දුන්නේ.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනය අනුව ඉන්ධන මිල ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවා.

  1. පාසල් වෑන්රථ හරිම අසාධාරණ ලෙස ගාස්තු අයකරනවා.පාසල් නිවාඩු කාලයට සම්පුර්ණ ගාස්තුවම අයකරනවා. දරුවෝ බොහෝ වෙලාවට පාසල් වැන්රථ,බස් රථවල දින 20 වත් යන්නේ නැහැ.After School තියෙනකොට දෙමාපියන්ට ගන්න වෙනවා. ඒත් මේ අය කොච්චර ඩිසල් අඩු කලත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කරන්නේ නැහැ. මේකට රජය විසින් කුමක් හෝ තිරණයක් ගත යුතුයි. මන්ද දෙමාපියන් ද අපහසුවෙන් මෙම ගාස්තු ගෙවන්නේ හැමෝ ගැනම සාධාරණව හිතන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07