2025 ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහ කාර්යමණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 21ක ත්‍යාග මුදලක් ලබාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදීමට තීරණය කර ඇති මෙම ත්‍යාග මුදල ආසියානු කුසලානය ජයග්‍රාහනය වෙනුවෙන් හිමි වූ ජයග්‍රාහී ත්‍යාග මුදල මෙන් 10 ගුණයකටත් වඩා වැඩි බවයි වාර්තා වන්නේ.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ ත්‍යාග මුදල මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබාදීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
අනුශූරතාව වෙනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 75,000ක ත්‍යාග මුදලක් හිමි වුණා.






