හොරට රෙජිස්ටර් කළ ජීප් තුනක් සමඟ ඇල්ලූ පොහොට්ටු මන්ත්‍රී අද උසාවියට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන සකසා ලියාපදිංචි කරන ලද බවට සැකකෙරෙන රුපියල් කෝටි 06 කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ 03ක් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා නාගරික මන්ත්‍රි සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අද (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කරමින් මෙම වාහන තුන ලියාපදිංචිකර ඇති බවයි.

රුපියල් කෝටි 02ක් පමණ වටිනා මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් සහ රුපියල් කෝටි 04 ක් පමණ වටිනා ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථ 02ක් සැකකරු සන්තකයේ තිබී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51