තලපති විජේගේ රැළියක ඇතිවූ තෙරපීමෙන් මියගිය ගණන ඉහළට – විජේගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දීය නළු තලපති විජේගේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේ ඊයේ (27) පැවති රැළියක ඇතිවූ තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මියගිය අය අතර ළමුන් 10ක්, කාන්තාවන් 17ක් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරින් තවත් පුද්ගලයින් සියදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයින් 30,000ක් පමණ මෙම රැළියට සභාගීව සිට ඇති අතර, විජේ ඔහුගේ රැළියට පැමිණීටමට පැය හතක පමණ ප්‍රමාදයක් සිදුවීම හේතුවෙන් ආධාරකරුවන් අතර මෙම තෙරපීම ඇතිව තිබෙනවා.

මේ අතර සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නළු තලපති විජේ එක්ස් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් මෙලෙස පවසා තිබෙනවා.

“මගේ හදවත බිඳී ගොස් ඇත; වචනවලින් ප්‍රකාශ කළ නොහැකි දරාගත නොහැකි, විස්තර කළ නොහැකි වේදනාවකින් සහ ශෝකයකින් මම වෙව්ලමින් සිටිමි. කරූර්හිදී ජීවිත අහිමි වූ මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ පවුල්වලට මම මගේ ගැඹුරු ශෝකය සහ අනුකම්පාව ප්‍රකාශ කරමි. රෝහලේ ප්‍රතිකාර ලබන අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42