2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.
තරගාවලියේ සුපිරි 04 වටයට සුදුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ සහභාගී වූ තරග තුනම පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව සහ පාකිස්ථානය මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
1
+1
3



