මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරයක් ලබන සතියේ එළිදක්වයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය පාලන ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා කටයුතු කිරීමට රජයක් ලෙස තීන්දු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ, අනුව එළඹෙන සතියේ දී රට තුළින් මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරයක් එළිදක්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරය එළිදක්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 72%ක් දෙනා බන්ධනාගාර ගතව ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිවලට බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම බන්ධනාගාර තුළ සිදුවන විවිධ ජාවාරම්කාරී ක්‍රියාවන් නතර කිරීමට රජයේ අවදානය යොමුව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?