චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවානයේ හිටපු ජනාධිපති සහායකයෙකු වරදකරු කෙරේ

තායිවාන අධිකරණයක් හිටපු ජනාධිපති සහායකයෙකු චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු කර ඇති අතර පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) වෙනුවෙන් සේවය කරන ලද තවත් තිදෙනෙකු වරදකරු කර තිබෙනවා.

එක් අයෙකු එවකට විදේශ අමාත්‍ය ජෝසප් වූගේ කාර්යාලයේ සේවය කළ අතර ඔහු දැන් ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස සේවය කරනවා.

රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් අධිකරණය එම පුද්ගලයින්ට වසර හතරේ සිට 10 දක්වා සිර දඬුවම් නියම කළා .

ඔත්තු බැලීම “ඉතා දිගු කාලයක් පුරා” සිදු කර ඇති අතර “වැදගත් රාජ්‍ය තාන්ත්‍රික බුද්ධි තොරතුරු” බෙදා ගැනීම සම්බන්ධ බව තීන්දුවේ සඳහන්.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේ යැයි බීජිං කියා සිටින අතර, දෙපාර්ශ්වය දශක ගණනාවක් තිස්සේ එකිනෙකා ගැන ඔත්තු බලමින් සිටිනවා.

නමුත් තායිපේ පවසන්නේ මෑත වසරවලදී චීන ඔත්තු බැලීම තීව්‍ර වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?