ගෙදරින් සල්ලි හොරකම් කළ අවුරුදු 13 දුවව පියා විසින් ඝාතනය කරලා

තම බාල වයස්කාර දියණිය ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තම පියා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ බිචෞලා ප්‍රදේශයේ පදිංචිව සිටි හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෝනම් නැමැති 13 හැවිරිදි දැරියක්.

ඊයේ (26) පස්වරුවේ අනුප්ෂහර් පොලිස් බල ප්‍රදේශයේ පාලමක් යට පඳුරු අතර තිබී පාසල් නිල ඇඳුමකින් සැරසුණු දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, දැරිය බ්‍රහස්පතින්දා පාසලට ගොස් ඇති බවත්, ඇගේ පියා වන අජේ ෂර්මා පාසලෙන් පසු ඇයව පාසලෙන් රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පියාගේ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූයේ දැරිය පාසලෙන් නිවසට රැගෙන යමින් සිටියදී, ඔහු ඇයව තම කුඹුරට ගෙන ගොස්, ලේන්සුවකින් ගෙල සිර කර මරා දමා, පසුව ඇගේ සිරුර ඇළකට විසි කළ බවයි.

පියාගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ දැරිය පසුගිය දින කිහිපය තුළ නිවසින් මුදල් සොරකම් කර ඇති බවයි.

ඒ, හේතුවෙන් තමා සහ බිරිද අතර ආරවුල් ඇති වූ බවත් ඔහුපොලිසිය හමුවවේ පවසා තිබෙනවා.

තම දියණිය ඝාතනය කිරීමෙන් පසු, ඔහු පාසලට දැනුම් දී ඇත්තේ තම දියණිය ඥාතීන් සමඟ නැවතී සිටීමට ගොස් ඇති බවත් ඉදිරි දින තුන හතර තුළ නැවත පාසලට නොඑන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41