මානසිකව අස්ථාවර පුද්ගලයෙක් විසින් පස් හැවිරිදි පිරිමි ළමයෙක්ව ඔහුගේ මව ඉදිරිපිට හිස ගසා ඝාතනය කිරීමේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවනවා.
විකාස් නම් මෙම දරුවාව පසුගිය දිනයේ නිවස තුළ රැඳී සිටින අතරතුර අදාළ මානසික ආබාධ සහිත සැකකරු හදිසියේම නිවසට ඇතුළු වී, ඒ අසළ තිබූ තියුණු ආයුධයක් ගෙන ළමයාට පහර දී ඇති අතර එම පහරෙන් දරුවාගේ හිස ඔහුගේ කඳෙන් වී ඇති බවයි පැවසෙන්නේ.
මෙලෙස පහර කිහිපයක් දරුවාට එල්ල වී ඇති අතර දරුවාගේ මව විසින් පහර වැළක්වීමට උත්සාහ දරා ඇති අතර මවද පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් මවගේ කෑගැසීම් නිසා අසල්වැසියන් නිවස වෙත වහා ගොස් ඇති අතර ඔවුන් විසින් ඝාතකයාව අල්ලා ගෙන පහර දී ඇති බව පොලිසිය විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
පහර කෑමට ලක් වූ සැකකරු රෝහලට ගෙන යන අතරතුර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවටද විදෙස් මාධ්‍ය වර්තා කරනවා.
ඔහු මානසික අබාධවලින් පෙළෙන පුද්ගලයෙක් බවත් අදාළ දරුවා සමඟ හෝ එම නිවැසියන් සමඟ මීට පෙර කිසිඳු සම්බන්ධයක් තිබී නොමැති බවත් මූලික විමර්ශනයන්හෙන් අනාවරණය වී තිබෙනවා.















