ලෝක සංචාරක දිනය වෙනුවෙන් කටුනායකදී සැමරුම් උත්සවයක් (ඡායාරූප)

සෑම වසරකම සැප්තැම්බර් මස 27 දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරුමක්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් අති උත්කර්ෂවත් අන්දමින් අද (27) දින උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පවත්වනු ලැබුවා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ අනුෂා දමයන්ති සහභාගී වී සිටියා .

අද උදෑසන 09.00 සිට ආරම්භ වූ මෙම වැඩසටහන තුළදී , ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සුහදශීලී ලෙස පිළිගෙන , ඔවුන්ට කේක් සහ තේ කොළ අඩංගු පාර්සල් පිළිගැන්වූ අතර , උඩරට සහ පහතරට නර්තන ශිල්පීන් පිරිසක් ද මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංචාරකයන් හමුවේ සිය නර්තනාංග ඉදිරිපත් කළා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ අනූෂා දමයන්ති , මේ වනවිට ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් දහසය ලක්ෂ හැත්තෑ දහසක් පැමිණි ඇති බව සඳහන් කළා.

මෙම වැඩසටහන පස්වරු 12.00 පමණ වනතෙක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13
Video thumbnail
ජනපති කාටත් නොකියා ඇවිත් මතුගම පල්ලියකට රිංගලා ගිහිල්ලා - බුදුහාමුදුරුවෝ බලල ගියානම් වටිනවනේ
01:50
Video thumbnail
සජබ මන්ත්‍රීලා පස්දෙනකු මන්ත්‍රී ධුරයෙන් පන්නලා දායි - ජගත් සියල්ල හෙළිකරයි
02:53
Video thumbnail
දේශපාලකයින්ගේ කෙරුවාව ඩඩ්ලි හෙළිකරයි - මම වෙලාව ආවම ඒවා එළියට දාන්නම්
03:30
Video thumbnail
දියේ ගි#මට ගිය විදේශිකයෙක්ව ජිවිතාරක්ෂක නිලධාරීන් ගිහින් බේරාගත් හැටි - දෙවිවරු වගේ මිනිස්සු
01:58
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44