දසුන්, කමිඳු, වනිඳු නොඑවා චරිත්ට අවස්ථාව දුන්නේ අයි ? ජයසූරියගෙන් උත්තර

2025 ආසියානු කුසලානය තරගාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (26) පැවති තරගය සුපිරි පන්දුවාරයක් දක්වා යාමට තමන්ට උවමනාවක් නොතිබුණු බවව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

කෙසේ වෙතත් දසුන් අවසන් මොහොතේ පන්දුව නොදුටු බවත්, ඒ හේතුවෙන් ඔහු දෙවන ලකුණ සම්පූර්ණ කිරීමට ඩයිවින් කළ බව සඳහන් කළ ජයසූරිය එය ලකුණු තුනක් වූවානම් තීරණය වෙනස්වන බවයි සඳහන් කළේ.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජයසූරිය මේ බව සඳහන් කළා.

සුපිරි හතර වටයේ පිට පිට තරග දෙකක් පරාජය වී තිබූ පසුබිමක ලකුණු 200ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම ඉතා අසීරු කාර්යක් බව සදහන් කළ ඔහු, ශ්‍රී ලංකා පිතිකරුවන් එම කාර්ය සාර්ථකව ඉටුකළ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ අතර කුසල් ජන්තිගේ දැවීයාමෙන් පසු, වෙනත් ප්‍රහාරාත්මක පිතිකරුවෙන් නොයවා මේ දිනවල ලකුණු අතර නොමැති චරිත් අසලංක පන්දුවාර පහරදීමට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ පිතිකරුවන්ගේ වමත් දකුණත් සුසංයෝගය ඉදිරියටත් පවත්වගෙන යාමේ සැලසුම මත නායක චරිත් අසලංක පන්දුවට පහරදීමට පිටියට යොමුකළ බවයි.

“අපි ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් එක දිගටම තිබ්බේ, මොකද කුල්දීප් දාපු නිසා අපි රයිට් හෑන්ඩව පොඩ්ඩක් තියාගෙන තමයි ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් එක තිබ්බේ, මොකද අපි ඔක්කොම පැඩ්ස් දාලා ඔක්ජ්කොම ප්[රිපෙයාර් වෙලා හිටියේ, ජනිත් හිටියා, දසුන් හිටියා, වනිඳු හිටියා, අපි එකවෙලාවක් වනිඳු යවන්න හිටියා ඒවගේ ඒ සිටුවේසන් එකේ හැටියට බල බල තමයි ඒක කළේ.”

මේ අතර ආසියානු කුසලානයේ අවසන් තරගයට පිවිසීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බව ද සනත් ජයසූරිය වැඩිදුරටත් පැවසුවා.

    • කැප්ටන් වෙන්න නෙවෙයි කමිදු ටීම් එකටවත් සුදුසු නැහැ, චරිත් අසලංකත් T20 ක්‍රීඩකයෙක් නෙවෙයි, මේ අය අහම්බෙන් මැච් ගොඩදානවා තමයි, හැබැයි ස්ථාවර හෝ ප්‍රහාරක පිතිකරුවන් නොවෙයි. පහුගිය දේශීය තරගාවලියේදී දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් හිටියා, එයාලව ජාත්‍යන්තර පිටියේ පරික්ෂා කර බැලිය යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25