ජනපති අනුරගේ ජපන් සංචාරය අද අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) සිට එළඹෙන 30 වනදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනවා.

ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය අතර තුර ජපාන ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙම නිල සංචාරය අතර තුර ජපන් අධිරාජ්‍යයා හමුවීමට ද නියමිතව තිබෙනවා.

මෙම නිල සංචාරයේ දී ජපන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරෙන රැස්වීමක් ද පැවැත්වීමට නියමිව තිබෙනවා.

ඊට අමතරව ජනාධිපතිවරයා ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමට නියමිතයි.

එමෙන්ම 2025 එස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස, ” එස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරය තුළ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ද හමුවීමට නියමිතව තිබෙනවා.

ඇමරිකානු සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරේදා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?